ආණ්ඩුව රට අශිෂ්ටත්වය කරා රැගෙන යමින් තිබෙන බවත්, මේ නිසා ශිෂ්ටසම්පන්න සමාජ ආර්ථික වෙනසක් වෙනුවෙන් ජනතාව පෙළගැසිය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
අශිෂ්ට පාලනය අවසන් කර ශිෂ්ටපාලනයක් ඇතිකර ගැනීම සඳහා ජනතාව ඡන්දය ලබාදුන්නද, රට අශිෂ්ටත්වය කරා රැගෙන යමින් තිබෙන බව එම පක්ෂයේ නායක අනුර කුමාර මහතා සඳහන් කළේය.
මේ නිසා ශිෂ්ටසම්පන්න පාලනයක් බලාපොරොත්තු වන ජනතාව එය ඕපපාතිකව ලැබෙන තෙක් බලා නොසිට, ශිෂ්ටසම්පන්න පාලනයක් වෙනුවෙන් සියලුම දෙනා පෙළගැසිය යුතු බවද ඔහු පවසා සිටියේය.
අද (01දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව පැවසූ පක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, සමාජ ආර්ථික දේහය ගොඩනගන්නේ නැතිව ශිෂ්ටසම්පන්න පාලනයක් ගොඩනැගිය නොහැකි බවයි.