රටට නිශ්චිත ජාතික ප්‍රතිපත්තියක් අවශ්‍ය අතර, එය ආණ්ඩු මාරුවන විට වෙනස් නොවිය යුතු බවත්, ඒ සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන් බලපෑම් කළ යුතු බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ප්රශස්ත ජාතික ප්‍රතිපත්ති සඳහා වූ ව්‍යාපාරයේ සමාරම්භක අවස්ථාව අමතමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
“ආණ්ඩු මාරුවුණාට ප්‍රතිපත්ති මාරු නොවිය යුතුයි.ඒ සඳහා සියලු දේශපාලන පක්ෂ නායකයන්ගෙන් මේ ප්රශස්ත ජාතික ප්‍රතිපත්ති සඳහා වූ ව්‍යාපාරයට ප්‍රතිඥා ගතහැකිනම් වඩා හොඳයි. මේක යුගයට අවශ්‍ය වැදගත් දෙයක්. මෙහිදී මූලික වශයෙන් පක්ෂවල එකඟතාවක් ඇති කිරීම වැදගත්. ඉන්දියාවේ කවදාවත් ආණ්ඩු වෙනස් වුණාට ජාතික ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නෑ. හිතුවක්කාර විදිහට මැතිඇමතිවරුන්ට ප්‍රතිපත්ති හදන්න, රාජ්‍ය මුදල් පරිහරණයට අවස්ථාවක් නෑ. විය යුත්තේ ඒකයි* යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.