කන්න අවසානේ ජලය ඉල්ලලා ආණ්ඩුවට දොස් කියන්න එපා යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ අද (02දා) පෙරවරුවේ පොලොන්නරුව ගල් විහාර පුදබිමේ පැවති පුලතිසිපුර අලුත් සහල් මංගල්‍යට ඒක්වෙමිනි.
මේ අනුව ජලාශ වල පවතින ජල තත්ත්වය අවබෝධ කරගෙන ඉදිරි යල් කන්නය සඳහා ගොවිතැන් කටයුතු මේ මස මුල් කාලයේ සිට ආරම්භ කිරීම වැදගත් වන බවද ජනාධිපතිවරයා පැවැසීය.
පවතින කාලගුණය නිසා සීග්‍රයෙන් ජලය වාෂ්ප වන බවත් එමගින් ජලය අපතේ යාම සිදු වන බැවින් කල් වෙලා ඇතුව ගොවිතැන් ආරම්භ කිරීම සුදුසු බව මෛත්‍රිපාල සිරිසේන මහතා අවධාරණය කළේය.
"ආණ්ඩුවට ජලය දෙන්න බෑ,ජලය දෙන්න වර්ෂාව ලැබෙන්න ඕනේ, මහා ජලාශ පිරෙන්න්න ඕනේ..කන්නේ අවසාන දවස් වෙනකොට වතුර ඉල්ලලා කෑ ගහනවා .ඉතින් අපි වතුර දෙන්න ලෑස්ති කලින් වැඩ පටන් ගන්න. නමුත් තමුන් නන්සේලා පරාක්‍රම සමුද්‍රයේ වතුර ඉල්ලලා තියෙන්නේ අප්‍රේල් 18 වෙනිදායින්පස්සේ. කන්න අවසන් වෙනකොට වතුර ඉල්ලලා කෑ ගැහුවොත් ඒ වරද්දත් බර ගන්න ඕනේ කියල ප්‍රසිද්ධියේ."