රාජ්‍ය සේවක විශ්‍රාම වැටුපට අත තැබූ වර්තමාන ආණ්ඩුව දැනට වැඩකරන ජනතාව සුරක්ෂිත කිරීම සඳහා පවතින අණපනත් 14 ක් සංශෝධනය කිරීමට සැලසුම් සකස් කරමින් සිටින බව කම්කරු අරගල මධ්‍යස්ථානය සඳහන් කරයි.
විශ්‍රාම වැටුප අහිමි කිරීමට ගත් තීරණය තාවකාලිකව හකුලා ගත්තද ජනවාරි පළමු වැනි දින සිට රාජ්‍ය සේවයට එක්වන සේවකයන්ට පත්වීම් ලිපි ලබාදීමේදී විශ්‍රාම වැටුප නොලැබෙන බව සඳහන් කර තිබෙන බවද එම මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් චමීර කොස්වත්ත මහතා සඳහන් කළේය.
මීට අමතරව මූලික වැටුපට රුපියල් 2500 ක් එකතු කරන බවට ලබාදුන් පොරොන්දුවද කඩකර තිබෙන බවත්, මේ ආකාරයට රාජ්‍ය සේවකයන් පීඩාවට පත්කළ ආණ්ඩුව වැඩකරන ජනතාව ආරක්ෂා කිරීමට තිබෙන අණපනත් 14 කුත් සංශෝධනය කිරීමට සැලසුම් කර තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.