ජාතික ආණ්ඩුව හැදුවේ පක්ෂයට වඩා රටට ආදරේ නිසා බවත්, පක්ෂය ඉතිරිවන්නේ රට ඉතුරු වුණොත් පමණක් බවත් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆ මහතා පවසයි.
ඔහු එලෙස ප්‍රකාශ කළේ,මොරටුව මහ නගර සභාවේ මන්ත්‍රීවරුන් හමුවූ අවස්ථාවේදීයි.
එහිදී අමාත්‍යවරයා පැවසුවේ, තමන් හෝ ජනාධිපතිවරයා කිසිවිටෙක පක්ෂය අමතක නොකරන බවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීම අපේ වගකීම බවත්ය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ෆයිසාල් මුස්තාපා මහතා, “අපි සම්මුතිවාදී දේශපාලනයක් කළත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාලනය වන පළාත් පාලන ආයතනයක සංවර්ධනය දැක්කම සතුටක් දැනෙනවා. සම්මුතිවාදී දේශපාලනය තුළ සෑම මන්ත්‍රීවරයෙකුගේම ගරුත්වය ආරක්ෂා විය යුතුයි. ඒ වගේම ජනාධිපතිතුමාට අවශ්‍යතාවක් තියෙනවා පළාත් පාලන ආයතන ශක්තිමත් කරන්න. එමනිසා මේ වසරේදී පළාත් පාලන ආයතනවලට හැකි උපරිම සම්පත් ලබාදෙන්න මම බලාපොරොත්තු වෙනවා” යැයි පැවසීය.