ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා ආණ්ඩුව පූර්ව සූදානමක නොසිටි බවත් මේ නිසා අයහපත් කාලගුණ තත්ත්වය නිසා විපතට පත් ජනතාවට සහන සැලසීමට මුල් අවස්ථාවේදී ආණ්ඩුව අසමත් වූ බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි. ජනතාවට සහන සැලසීමේදී චක්‍ර‘ලේඛ සහ නීතිරීති නිසා, රාජ්‍ය නිලධාරීන් විවිධ දුෂ්කරතාවන්ට පත්වූ බවද එම පක්ෂයේ ප්රචාරක ලේකම් විජිත හේරත් මහතා සඳහන්කළේය.
රජය විසින් ආපදාවන් සඳහා මුදල් වෙන්කිරීමේදී පසුගිය වසරේදී ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් මිලියන 2522කුත් පුනරාවර්තන වියදම ලෙස රුපියල් මිලියන 1543 කුත් වෙන් කළ බව පවසා සිටි ඒ මහතා එහෙත් මේ වසරට පුනරාවර්තන වියදම ලෙස වෙන්කර ඇත්තේ රුපියල් මිලියන 799 ක් හා ප්‍රාග්ධන වියදම ලෙස රුපියල් මිලියන 2135 ක මුදලකුත් බවද හෙතෙම සඳහන් කළේය.
මේ අනුව මෙම වසරේ ආපදාවන් සඳහා මුදල් වෙන් කිරීමේදී ආණ්ඩුව කප්පාදු කිරීම් සිදුකර තිබෙන බවද ඔහු පවසා සිටියේය.
අද (24දා) දින පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්රචාරක ලේකම් විජිත හෙරත් මහතා මේ බව සඳහන් කළේය.