ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ සන්ධානයේ ආණ්ඩුවක් හැදිමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට සැබැවුවමනාවක් පෙනෙන්නට නැති බවත් වත්මන් ආණ්ඩුව බුදු සරණයි යනුවෙන් බෝඩ් ගසා හරක් මරණ බවත් ගාල්ල දිස්ත්‍රික් සන්ධානයේ මන්ත්‍රි මනුෂ නානායක්කාර මහතා පවසයි.ශ්
හිටපු පළාත් සභා මන්ත්‍රි කේ.පි අමරපාල මහතාගේ නිවසේදි පැවති අක්මිමන ශ්‍රිලංකා නිදහස් පක්ෂ බලමණ්ඩල රැස්විමේදි මන්ත්‍රිවරයා මේ බව සදහන් කළේය.
" අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයාට සහ රවි කරුණානායක ඇමතිවරයාට විරුද්ධව ගෙන එනු ලැබු විශ්වාසභංග යෝජනාවලදිත් නොයෙකුත් බාධක එල්ලවෙනවා. යම් යම් බාධක දමනවා 20 වැනි සංශෝධනයට එජාපය කැමති නැහැ. අපි කියන්නේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ අගමැතිවරයෙකු පත්කරගෙන 20වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්න කියලා. අද රටතුළ හොරකම අති විශිෂ්ඨ අයුරින් සිදුවෙනවා.මේ යහපාලන ආණ්ඩුව බුදු සරණයි!දෙවිපිහිටයි! කියලා බෝඩ් එකක් ගහගෙන හරක් මරණවා වගේ වැඩක් කරන්නේ.
මාධ්‍ය නිදහස බෝඩ්වලට සිමා වෙලා හැම කේෂ්ත්‍රයටම බලපැම් එල්ලවෙලා සොදුරු ආඥාදායකත්වයක් තමයි රට තුල ක්‍රියාත්මක වෙන්නේ.මහබැංකුවේ, රක්ෂණ සංස්ථාවේ, ගෑස් සමාගමේ වංචාව දුෂණය රජවෙලා සන්ධාන ආණ්ඩුව හොරකම් වංචා දුෂණ කළා කියා පසුගිය කාළයේ මේ අය මතවාදයක් රටතුළ ගොඩනැගුවා නමුත් අද එය පුස්සක් බවට පත්වෙලා තියෙනවා" යැයිද මන්ත්‍රිවරයා වැඩිදුරටත් කියා සිටියේය.
හිනිදුම රවීන්ද්‍ර ශ්‍රී ලාල්