ආණ්ඩුව පෙරලන්න පුළුවන් යැයි සිතනවානම් එය මිත්‍යාවක් පමණක් බවත් ආර්ථික අර්බුදවලින් රට ගොඩගැනීමට ආණ්ඩුව කටයුතු කරන බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය, ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පැවසී ය.
අමාත්‍යවරයා අද (24) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයේ අඳහස් දක්වමිනි.
පසුගිය රජයේ ක්‍රියාකලාපය දෙස මිනිස්සු බලාගෙන හිටියා. යුද්ධයක් ඉවර වෙලා රටක් සාමකාමි වුනාම, ඕනැම රජයක් සැලසුම් සහගතව සංවර්ධනයට ගමන් කරනවා. එහෙත් සැලසුම් සහගත සංවර්ධනයකට යන්න බැරි වුණා. හිස්, කොමිස් ව්‍යාපෘතිවලට ගිහිල්ල සංවර්ධනයේ මායවකට පසුගිය රජය ගමන් කළේ.
1977 ආර්ථික ව්‍යුහය සම්පූර්ණයෙන් වෙනස් කිරීන්මට අප සමත් වුණා. කඩිනම් මහවැලිය, විදුලිබලය වෙනුවෙන් ගෙන ආවා. 1977 විදුලි නිෂ්පාදය වගේ දෙගුණයක් මහවැලියෙන් නිෂ්පාදනය කරන්න හැකි වුණා. මහවැලියට යටකළ සල්ලි මත්තලට හම්බන්තොටට යටකළ සල්ලි වගේ වුණේ නෑ.
බොරු සංදර්ශන තියලා, හයිඩ් පාර්ක් එක පුරවල, බොරු මවා පෑම් කරලා,පරණ හම්බ කළ සල්ලි වියදම් කරලා, ආණ්ඩුව පෙරලන්න පුළුවන් කියලා හිතනවා නම් එය මිත්‍යාවක් විතරයි.අවුරුදු දහයක් යනකම් මේ ආණ්ඩුව හොල්ලන්න බෑ'' යැයි ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.