ආණ්ඩුව විසින් පැරණි හොරුන් සහ අලුත් හොරුන් යන දෙපාර්ශ්වයම ආරක්ෂා කිරීම තුළ අවසානයේ එහි බිල්ල බවට රවි කරුණානායක මහතා පත්වූ බවත්, ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වීම ආණ්ඩුවේ ජයග්‍රහණයක් කර නොගෙන සමස්ත ක්‍රියාවලියම පරීක්ෂාවට ලක් කරන ලෙස ජනාධිපති කොමිසමෙන් ඉල්ලා සිටින බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10දා) පවසා සිටියේය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කර සිටියේ 2016 මහබැංකු වාර්තාව පිළිබඳ සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමිනි.
කරුණානායක මහතාගේ ඉල්ලා අස්වීම මුවාවෙන් තමන් ශුද්ධවන්තයන් යැයි යම් පිරිසක් සිතනවානම් එය නිෂ්ඵල සතුටක් බව සඳහන් කළ මන්ත්‍රීවරයා, පසුගිය සමයේ දූෂණ, වංචා අනාවරණය කිරීම සඳහා වත්මන් ආණ්ඩුව වෙත ජනවරම ලැබුණද එය එසේ නොවී සොරුන් ආරක්ෂා වීම පමණක් සිදුවන බවටද එහිදී චෝදනා කර සිටියේය.
"එතුමාගේ පැත්තෙන් යම් පූර්වාදර්ශයක් දී තිබෙනවා. මොකටද මෙවැනි චෝදනාවක් එල්ලවුණාම ඉල්ලා අස්වීම නිසා. නමුත් චෝදනාව එතුමා දන්න නිසා, විශ්වාසභංගයක් ළඟටම එන්නේ නැතුව ඉන් පරාජය වීම සහතික වූවාට පසු ඉල්ලා අස්වෙනවාට වඩා හොඳකම තිබුණෙකලින්ම ඉල්ලා අස් වුණා නම්, ආණ්ඩුවෙත් ඇප බේරගෙන තමන්ගෙත් නම්බුව බේරාගෙන.
නමුත් නිධානයට බිල්ල වුණේ එතුමා වුණාට නිධානය කොහෙද කියලා අපි හොයාගෙන නෑ. නිධානය මංකොල්ලකෑවද කියලා හොයලා නෑ. ප්රශ්නය තියෙන්නේ මේ මුළුමහත් ක්‍රියාවලිය ඇතුළෙ ආර්ථිකයට එල්ල වුණු පාඩුව එතුමාට එල්ලවුණු ඉලක්කම නොවෙයි. ඇත්තටම තියෙන්නේ මිනීමැරුමක් හොයන්න ගිහිල්ලා පරීක්ෂණ කණ්ඩායමට ස්ත්‍රී දූෂණයක් හම්බ වුණා වගේ වැඩක්. මිනීමැරුම ගැන පරීක්ෂණය තවම ඉවර නෑනේ.
ඒකට වගකිව යුත්තන් කවුද කියලා හොයලා නෑනේ. ඒ නිසා දැන් මිනීමැරුම ගැනත් හොයන්න ඕනේ. එහෙම නැතුව මුළුමහත් ක්‍රියාවලියම මේකෙන් අවසන් කියලා නෙවේ. හැබැයි එතුමා පූර්වාදර්ශයක් දීලා තියෙනවා මෙහෙම කළොත් ඊළඟ ඇමති මණ්ඩලයටත් මෙහෙම වෙනවා කියලා.
හැබැයි මේකත් කියන්න ඕනේ. දැන් ආණ්ඩුවේ ඇමතිකෙනෙක් ඉල්ලා අස්වුණා, ඒ හින්දා අපි දැන් කවුරුත් වංචනිකයෝ, හොරු නෙවේ හරිම ශුද්ධවන්තයෝ කියලා තවත් පිරිසක් සතුටු වෙනවානම් ඒ ජොලිය ගන්න එක තේරුමක් නැති වැඩක්. හේතුව මේරටේ ජනවරම ආණ්ඩුවට ලැබිලා තියෙන්නේ මේ රටට වුණ හානි, දූෂණ, නාස්තිය හෙළිදරව් කරලා දඬුවම් දෙන්න. ඒ දඬුවම් දීමේ ක්‍රියාවලිය නීත්‍යනුකූලව ආණ්ඩුව කරන්නේ නෑ.
ආණ්ඩුව පරණ හොරුයි, අලුත් හොරුයි දෙගොල්ලොම ආරක්ෂා කරනවා. ඒකෙ අවසානයේ බිල්ල බවට පත්වුණේ රවි කරුණානායක ඇමතිවරයා. නමුත් අපි කියන්නෙ මේ මුළු ක්‍රියාවලියම පරීක්ෂාවට ලක්වෙන්න ඕනේ. එය රටට අනාවරණය විය යුතුයි. ජනාධිපති කොමිසමෙන් අපි ඉල්ලා සිටිනවා දැන් මේක ආණ්ඩුවේ ජයග්‍රහණයක් නොකරන්න කියලා. යහපාලනය කියන්නේ විශ්වාසභංගය එනකොට ඉල්ලා අස්වීම නොවෙයි.
රාජිත ඇමතිවරයාගෙන් අහන්න කැමතියි මේක ලූනු බිකක් නම් ලූනු ගෙඩියෙ තරම කොච්චරද කියලා. ගෙඩි නෙවේ ලූනු ගෝනියක්ම ඇති. රාජිත ඇමතිතුමාගේ මෝදර ධීවර ගනුදෙනුවෙ තරම කොච්චරද කියලා හොයන්න ඕනේ. මේක පාර්ලිමේන්තුව ලැබූ ජයග්‍රහණයක්. මේ රටේ ජනතාව ලබපු ජයග්‍රහණයක්. කෝප් කාරක සභාව හැටියට අපි ඉතා දුෂ්කර කාර්යයක් කරලා ඉදිරිපත් කළ වාර්තාව ඉන් ඉදිරියට ගිහිල්ලා තමයි මේ ප්‍රතිඵල ඇවිල්ලා තියෙන්නේ" යැයිද පෙන්වා දුන්නේය.