ඔක්තෝබර් මාසයේදී පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට රජය කටයුතු නොකරන්නේ නම් ජනතාව සමග එක්ව මැතිවරණය බලෙන් හෝ ලබාගන්නා බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.
මොරටුවේදී පැවැති උත්සවයක් අමතමින් ඔහු මේ බව කී අතර, පළාත් පාලන මැතිවරණය කල් දමන්නේ නම් ආණ්ඩුවට එරෙහි ජනඅරගලයට සූදානම් වන්නැයි ආණ්ඩුවට සඳහන් කරන බවද ඔහු කීය.
“ජනාධිපතිවරණය 2019 නේ කියල අද අපි නිහඬව බලා සිටියොත් රටට හෙටක්වත්, අපට රටක්වත් ඉතිරිවෙන්නේ නෑ. මෙතෙක් කල් ඡන්දයට දින දුන්නේ ආණ්ඩුවෙන්. පුංචි ඡන්දයට අවුරුදු දෙකක් තිස්සේ දින දුන්නා. දැන් ආණ්ඩුව දින දුන්න කාලය ඉවරයි, අපි දැන් ආණ්ඩුවට දින දෙනවා.
අපි ආණ්ඩුවට ඉතාම පැහැදිලිව කියනවා ඔත්තෝබර් මාසයේ පළාත් පාලන මැතිවරණය ප්රකාශයට පත්කරන්න ආණ්ඩුව අසමත් වුණොත්, අපි ජනතාවත් එක්ක වීදි බැහැලා මේ ආණ්ඩුවෙන් මැතිවරණය බලෙන් හෝ ගන්නවා. ඒ නිසා මැතිවරණය නොදුන්නොත් ආණ්ඩුවට එරෙහි ජන අරගලයට මුහුණදෙන්න සූදානම් වෙන්න කියල අපි මේ ආණ්ඩුවට අනතුරු අඟවනවා.”