පසුගිය ආණ්ඩු සමයේදී රුපියල් මිලියන 159කට අධික මුදලක් අවභාවිත කළ බවට චෝදනා එල්ලවී සිටින ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන නිසා ආණ්ඩුව විසින් ඔහු ආරක්ෂා කරනු ලබන බව එතෙර අපි සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.
විදේශ සේවා නියුක්ති අරමුදලේ රුපියල් මිලියන 159කට අධික ප්‍රමාණයක් අවභාවිතයට ලක්කර තිබෙන බවට විගණන වාර්තා මගින් පෙන්වා දී ඇතැයිද අද (16දා) පැවැති සාකච්ඡාවකදී සඳහන් කළේය.
එහෙත් ආණ්ඩුව නියෝජනය කරන නිසා එතරම් වංචාවක් සිදුවී තිබියදීත් ඔහු එෆ්.සී.අයි.ඩියට හෝ සී.අයි.ඩියට කැඳවීමට කටයුතු කර නොමැති බවත්, විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වූයේ නම් අනිවාර්යයෙන්ම ඔහුට එරෙහිව පරීක්ෂණ පැවැත්වෙන බවත් හෙතෙම සඳහන් කළේය.