ආණ්ඩුව ගෙදර යවන මැයි රැළිය අදයි
ආණ්ඩුව ගෙදර යවන මැයි රැළිය අද පවත්වන බවත් අලුත් පාරකට රට ගෙන යන මැයි රැළිය අද බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය. කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය අමතමින් ඔහු මේ බව පැවැසීය.
"අපි ලෝකයේ ආයෝජන ගෙන ආවා. අපි කරපු දේවල් වලින් සත පහක දෙයක්වත් මේ අය කරලා නෑ. වැසිකිළියට යන්න වුණාමත් කියන්නේ රාජපක්ෂ ණය බර කියලයි. අපි හදපු දේවල් ඒ අය විවෘත කරනවා. වරයා විකුණනවා. පුළුවන්නම් ගෝල්ෆේස් පුරවන්න කියලා අභියෝග කළා.
අපේ ආණ්ඩුව පෙරළන්න රතු අලි පැටියට සල්ලි දුන්නා. අද වෙනකම් නෑ කියලා නැ. ජනතාවට ප්රජාතන්ත්රවාදී රටක්, දරුවන්ට නිදහස් අධ්‍යාපනයක් ඇති රටක් යළි ගොඩනගන්න ඕන. නිදහස් සෞඛ්‍ය සේවය ශක්තිමත් කරන්න ඕන. ඩෙංගු වලින් ලක්ෂ ගණන් මැරෙනවා. මේ අය නිදා ගන්නවා.
දේශීය ව්‍යාපාරිකයා පුළුල් කරන සංවර්ධන බැංකු ක්‍රමයක් ඕන. ජාතික නිශ්පාදනය පුළුල් වන සාධාරණ වෙළඳ ප්‍රතිපත්තියක් හදන්න ඕන. නවීන ආර්ථිකයක් මේ රටට අවශ්‍යයි. අර්ථ සාධක අරමුදල නැති කරලා. ඒක මහ බැංකුවේ මංකොල්ලයත් එක්ක එකතු වෙලා. විශ්‍රාම වැටුප කපලා. අභිමානවත් රටක් ගොඩ නැගීම ජාතියේ අවශ්‍යතාවයි.
අපේ පරම යුතුකම එයයි. අප රට නිවැරදි දිශාවට හැරවිය යුතුයි. ඒක අපි කරනවා. කරලා පෙන්වා තියෙනවා. අපිට ඒ හැකියාව තිබෙනවා. අවම ප්‍රජා මූලික අයිතිය අපෙන් උඳුරගෙන තිබෙනවා. එය තහවුරු කරන්න වැඩ කරන ජනතාව පෙරට එන්න ඕන. වැඩකරන ආණ්ඩුවක් රටට ඕන. සමාජ ආර්ථික ක්‍රමයකට රට ගෙනියන්න ඕන. මේ ආණ්ඩුව ගෙදර යනව වැඩ පිළිවෙළ ශක්තිමත් කරමු. ඒ වැඩසටහන පටන් ගන්න භූමිය ගාලුමුවදොර පිටියයි. "
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

