ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් විශේෂ රැස්වීමක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 06දා පැවැත්වීමට තීරණය කර තිබේ.
ඒ අනුව ලබන 06 වන සඳුදා පස්වරු 06.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවැත්වෙන අතර, මෙහිදී ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වය අනිවාර්ය කර තිබේ.
මෙවර පාර්ලිමේන්තු සතියේදී මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහි විශ්වාසභංගය විවාදයට ගැනීමත්, ඒ සඳහා ඡන්ද විමසීමක් සිදුකරන බැවින් ඒ සම්බන්ධ කාරණා සහ තවත් විශේෂ කරුණු කිහිපයක් සාකච්ඡා කිරීම වෙනුවෙන් මෙම රැස්වීම කැඳවා තිබේ.
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ කණ්ඩායම් රැස්වීම සාමාන්‍යයෙන් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන අතර, එය අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. නමුත් මෙවර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එය පාර්ලිමේන්තුවෙන් පිටත පැවැත්වීමට තීරණය කිරීම සුවිශේෂත්වයකි.