වන්නි දිස්ත්‍රික්කයේ නව ආරක්ෂක තත්ත්වය හා යුද හමුදාව සිවිල් ජනතාව සමග කටයුතු සොයා බැලීමට උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා ඊයේ (23දා) සවස වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් බොනිපස් පෙරේරා හමුවී විශේෂ සාකච්ඡාවක් පැවත්වීය.
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේදී මෙම හමුවීම පැවැති අතර, එහිදී නැවත පදිංචිවූ ජනතාවට මෙන්ම, ගංවතුරෙන් අවතැන් වූ ජනතාව වෙනුවෙන් යුද හමුදාව මැදිහත් වී සහන සලසන අයුරු වන්නි ආඥපතිවරයා විසින් උතුරු ආණ්ඩුකාරවරයා දැනුවත් කරන ලදී.
ඊට අමතරව වවුනියාවේ නැවත පදිංචිවූ ගම්මානයන්හි ජනතාවට නිවාස ඉදිකර දීමේ ව්‍යාපෘතීන් මෙන්ම එම ජනතාව වෙනුවෙන් සිදුකරන ආධාර හා අනෙකුත් පහසුකම් ලබා දෙන අයුරු සම්බන්ධයෙන්ද වන්නි ආඥාපතිවරයා තොරතුරු අනාවරණය කළේය.