නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ නියෝජිතයන්අදාළ රාජකාරිය සඳහා රැස්වීම පිළිබඳව අර්බුදයක් මතුව ඇතැයි අද ට වාර්තා වේ.
පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනයන්ගෙන් බැහැරව වෙනත් දිනයන්හිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය රැස්වීමට මුලින් තීරණය කර තිබුණද,ඒ වෙනුවෙන් මන්ත්‍රීවරුන් වෙත ලබාදීමට තීරණය කරතිබූ දීමනා අහෝසි කිරීම තුළින් මේතත්ත්වය ඇතිව තිබේ.
කෙසේවෙතත් මාසයකදී පාර්ලිමේන්තුව පවත්වන දිනයන් සීමාකිරීමටද පක්ෂනායකයන් අකමැතිවීම තුළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය රැස්වීමේ දිනයන් පිළිබඳ අර්බුදය උග්‍රවී තිබේ.
ඒ අනුව පාර්ලිමේන්තුව පවත්වන දිනයන් තුළ උදෑසන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය රැස්වීමට යෝජනාවී තිබුණද ඒසඳහාද එකඟතාවක් පළ වී නොමැත.
කෙසේවෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පළමුවරට අප්‍රේල් මස 05 වැනිදා රැස්වීමට තීරණය වී ඇති අතර, එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට අදාළ උපසභාපතිවරුන් හත්දෙනෙකු(07දා) පත්කර ගැනීමට නියමිතය. ඊට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය සඳහා මන්ත්‍රීවරුන් 21 දෙනෙකුගෙන් යුතු මෙහෙයුම් කාරක සභාවක් පත්කරගත යුතු අතර, එයද මෙදින සිදුකිරීමට නියමිතය.
එයට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මීළඟ රැස්වීමට ප්‍රථම පත්කළ යුතු අනුකමිටු මොනවාදැයි යන්න තීරණය කිරීමෙන් පසුවඒවායේ සාමාජිකයන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් නියෝජනය කරමින් පත්කෙරේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය මැයි මාසයේ සිට අඛණ්ඩව පැවැත්වීමට පක්ෂනායකයන් තීරණය කර තිබුණද අදාළ දිනයන් සහ වේලාවන් පිළිබඳ මෙතෙක් එකඟතාවකට පැමිණ නොමැත.
මීට අමතරව අප්‍රේල් මස අවසානය වනවිට නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීමේ කමිටු වාර්තාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයවෙත ලබාගැනීමට තීරණය කර තිබේ.