කොමිෂන් සභා පිළිබඳ අදාළ අවසන් තීරණයක් ගැනීම පිණිස වැඩිදුරටත් සාකච්ඡාවට භාජනය කිරීමේ අරමුණින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, අද (06) ප.ව. 02.00ට පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සහ එහි සාමාජිකයින් දස දෙනාගේ සහභාගීත්වයෙන් රැස් වීමට නියමිතය. පසුගිය බදාදා (04) පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස් විය. එහිදී මෙතෙක් ස්ථාපිත කර නොමැති ස්වාධීන කොමිෂන් සභා සඳහා ලැබී ඇති නාමයෝජනා පිළිබඳව මූලික කරුණු කිහිපයක් සාකච්ඡාවට ගැනිණි.