ආණ්ඩුව දුන් පොරොන්දු ඉටුකිරීමට ප්‍රමාද වී ඇති බවත් ඒ පිළිබඳව විවේචන ඉදිරිපත් කරන අයගෙන් පළිනොගන්නා බවත් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.
හාලි ඇළ ප්‍රදේශයේදී අද (18දා) පැවැති උත්සවයකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ආණ්ඩුව වැඩ නොකළ හොත් ඉදිරියේදී පරාදවීමට සිදුවෙනු ඇති බවත් එහි වගකීම ආණ්ඩුව නියෝජනය කරන පිරිසට බාර ගැනීමට සිදුවෙනු ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
“මේ ආණ්ඩුවට ගොඩක් මිනිස්සු බනිනවා වෙන්න පුළුවන්. අපි ඒ අයව හෙට උදේට බෙල්ලෙන් අල්ලගෙන ගිහින් පතුරු ගහලා හොයා ගන්න බැරි තත්ත්වයට පත් කරන්නේ නෑ. අපි සමහර තැන්වල කියපු දේවල් කරන්න ප්‍රමාද වෙලා ඇති. ඒත් අපිට බැන්න පමණිනින් පලිගන්න ගිහින් නෑ.
ඇත්ත, මමත් ඇමති කෙනෙක් වෙලා අවුරුදු දෙකක්. මිනිස්සු හිතනවා ඇති හිතපු දෙයක් වුණේ නෑ නෙ කියලා. කමක් නෑ. එක පාරට දේවල් කරපුවාම අපිටත් හිරේ යන්න වෙයි ඉස්සරහට. හෙමින් වැඩේ සිදු වෙයි. එසේ සිදු වුණේ නැත්නම් අපි පරාද වෙයි. ඒක සාමාන්‍ය දෙයක්. ඒ වගකීම අපිට බාර ගන්න වෙයි.” යැයි ඔහු පවසා සිටියේය.