ආණමඩුව සතොසේ පාරිභෝජනයට නුසුදුසු ආහාර
ආණමඩුව ලක් සතොස තුළ තිබී පරිභෝජනයට නුසුදුසු රුපියල් හතළිස් පන්දහසක් පමණ වටිනා අල සහ ලූනු කිලෝග්‍රෑම් 402 ක ප්‍රමාණයක් සොයාගැනීමට ආණමඩුව ප්‍රාදේශිය ඝෞඛ්ය වෛද්‍ය නිලධාරීවරිය ඇතුළු මහජන ඝෞඛ්ය පරික්ෂකවරුන් අද (09දා) සමත් වී තිබිණි.
දිගින් දිගටම ලැබුණු මහජන පැමිණිලි මත හදිසියේ මෙම වැටලීම සිදුකර ඇති අතර, වැටලීම සිදුකරන අවස්ථාව වනවිට නරක් වූ අල සහ ලූනුවලින් හොඳ තත්ත්වයේ ඇති ඒවා තේරීමට සතොස සේවකයන් යොදවා තිබූ බවද වාර්තා වේ.
නමුත් මෙම අල සහ ලූනු තොගයේ සම්පූර්ණයෙන් නරක්ව තිබූ බවත්, ඊට අමතරව අලෙවියට තබා තිබූ උම්බලකඩ කිලෝග්‍රෑම් පහක් ගුල්ලන් ගසා තිබියදී සොයාගැනීමටත් එම නිලධාරීන් සමත්ව තිබිණි. නරක් වූ අල, ලූනු හා උම්බලකඩ තොගය සම්බන්ධ වරද සතොස නිලධාරීන් විසින් භාරගැනීම නිසා නඩු පැවරීමට කටයුතු නොකරන බව සඳහන් කළ මහජන පරික්ෂක වරුන්, සොයාගත් නරක් වූ දෑ විනාශ කිරීමට කටයුතු කර තිබිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

