ශ්රී ලංකාවේ විශිෂ්ඨතම සිනමාවේදියා ලෙස පිළිගැණෙන ආචාරය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතාගේ අවසන් කටයුතු පූර්ණ රාජ්ය අනුග්රහය යටතේ මැයි 02 දා කොළඹ නිදහස් චතුරස්රයේදී පැවැත්වීමට නියමිතය. ඒ මහතා ඊයේ (29දා) සිය දිවියෙන් සමුගත්තේය. කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටින විට ඔහු ජීවිතක්ෂයට පත්වන විට 99 වැනි වියේ පසුවූයේය.