නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස හිටපු පොලිස්පති හා බ්‍රසීල හා එක්සත් එමීර් රාජ්‍ය‘යේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ ආචාර්ය මහින්ද බාලසූරිය මහතා අද වැඩ භාරගනු ලැබිණි.
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ මේජර් ජනරාල් නන්ද මල්ලවආරච්චි මහතා ඉවත්වීමෙන් පසු ලේකම් තනතුරට පත් වූ ආචාර්ය මහින්ද බාලසූරිය මහතා 1978 වසරේදී පොලිස් සේවයට එක්වී 2009 වසරේදී 32වැනි පොලිස්පතිවරයා ලෙසට පත්විය.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු