ජාතික නිදහස් දින සැමරුම වෙනුවෙන් හෙට (04දා) ගාලු මුවදොර පිටියේදී පැවැත්වෙන සමරු උත්සවයේ ආචාර්ය පෙළපාළියට ත්‍රිවිධ හමුදාවේ, පොලීසිය සහ සිවිල් ආරක්ෂක බළකායේ සාමාජිකයන් 9563 ක් සහභාගි වන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
මේ අනුව ශ්‍රී ලංකා යුද හමුදාවේ 3986 ක්, නාවික හමුදාවේ 2102 ක්, ගුවන් හමුදාවේ 1238 ක්, ශ්‍රී ලංකා පොලීසියේ 927 ක් සහ සිවිල් ආරක්ෂක බළකායේ 1310 ක් සහභාගි වෙති.
හෙට උදෑසන 9.09 ට ජනාධිපති උත්තමාචාරය පිරිනැමීම සිදුවන අතර, 9.11 ට ආචාර වෙඩිමුර 21 පිරිනැමේ. 9.45 ට ආචාර පෙළපාළියත්, දහවල් 12.00 ට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙනුවෙන් ආචාර වෙඩිමුර 25 ක් පිරිනැමීමත් සිදු කිරීමට සැලසුම් කර තිබේ.