ආගම්වාදය අවුස්සා වැරදි කරන අයට ආණ්ඩුව දඬුවම් නොකළ බවත් ඒ අයට දඬුවම් කිරීමට ඉල්ලීම් කළත් එය නොකළ බවත් අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා පවසයි.
එසේම සිය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ජනපතිට යොමු කළ බවත් හෙතෙම කීය.
"ජාතීන් අතර සමගිය ගෙනියන්න කීවට කළේ නෑ. මෛත්‍රීපාල ජනපතිවුණොත් ජාතින් අතර සමගිය තියෙයි කියලා අපි හිතනවා. ඒ හින්දා රට දිනවන්න අපි අපේ පක්ෂය කැප කරනවා" යනුවෙන්ද ඔහු විපක්ෂනායක කාර්යාලයේදී කීවේය.