මැදපෙරදිග ගෘහ සේවය සඳහා ගොස් සිටි ශ්‍රී ලංකා ශ්‍රමිකයන් 72ක් විවිධ තාඩන පීඩන වලට ලක්ව අද (28දා) දිවයිනට පැමිණියෝය.
ඔවුහු කුවේට්, සවුදි අරාබිය හා කටාර් සිට පැමිණි අතර එයින් 22ක් පිරිමින් වන අතර 50ක් කාන්තාවෝ වෙති.
මැදපෙරදිග සිටි පැමිණි ගුවන් යානා තුනකින් ඔවුන් දිවයිනට පැමිණි අතර පිරිස බාර ගත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඔවුන්ට නිවෙස් බලා යාමට අවශ්‍ය මුදල් ලබා දෙයි.
මෙම පිරිස ගාල්ල, පොලොන්නරුව, කුරුණෑගල, මඩකලපුව, මැල්සිරිපුර හා එරාවුර් පදිංචිකරුවෝ වෙති.