සම්මුතිවාදී ආණ්ඩුව ලෙස ගෙවී ගිය වසර දෙකක කාලය තුළදී රට තුළ සිදුකළ වැඩකටයුතු පිළිබඳව කිසිදු ආකාරයකින් සෑහීමකට පත්විය නොහැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.
සම්මුතිවාදී ආණ්ඩුවේ ගිවිසුම් කාලය මේ වසරේ දෙසැම්බර් මාසයේදී අවසන් වන බවත්, ඉදිරියට සම්මුතිවාදී ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධ වනවාද යන්න සැලකීමේදී මෙම කරුණු පිළිබඳව සැලකිලිමත් වන බවද අද (22දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.