වෙළඳපොළේ අළෙවි කිරීමට ඇති පොල්තෙල්, බිත්තර, තිරිඟු පිටි සහ සූදුරු සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට පාරිභෝගික අධිකාරිය තීරණය කර ඇත.
දිවයිනේ තෝරාගත් ප්‍රදේශ කිහිපයකින් අදාළ ආහාර ද්‍රව්‍යවල සාම්පල් ලබාගෙන ඇති බවත් ඒවා ශී‍්‍ර ලංකා ප්‍රමිති ආයතනයට සහ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති බවත් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂිකා සමන්තා කරුණාරත්න මහත්මිය ප්‍රකාශ කළාය.