අසූචිවල කර වටක් ගිලී සිටින විමල් සන්ධානයට ගන්නේ නෑ
අසූචිවල කර වටක් ගිලී සිටින විමල් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්කර ගැනීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව සමාජ සවිබල ගැන්වීම, සුබ සාධන හා උඩරට උරුමයන් පිළිබඳ ඇමැති එස්.බී දිසානායක මහතා පවසා සිටියේය.
මහනුවර දිස්ත්‍රික්කයේ පාත හේවාහැට ප්‍රාදේශීය සභාව සඳහා අද (19දා) මහනුවර මැතිවරණ ලේකම් කාර්යාලයේදී නාමයෝජනා බාරදීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව පවසා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
පක්ෂය සමඟි කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් උත්සාහය ව්‍යර්ථ කිරීම නිසා අද මහින්ද, බැසිල්, නාමල් කෙරෙහි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු කේන්තියෙන් පසුවනවා.
ශ්‍රීලංකා නිදහස් පක්ෂය හැරුණු විට එහි සිටි ප්රබලතම පක්ෂය වන ලංකා කම්කරු කොංග්‍රසය සන්ධානගතව තරඟ කරන අතර පොදුජන එක්සත් පෙරමුණ 1994 බලයට පත්වන විට ඒ වටා ගොනුවී සිටි සියලු පක්ෂ තවමත් සන්ධානය සමඟ සිටිනවා.
පක්ෂයේ හිටපු මහලේකම් අනුර ප්‍රියදර්ශන, සන්ධාන මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත්, නිමල් සිරිපාල, ජෝන් සෙනවිරත්න, දි.මු ඇතුළු ජ්‍යෙෂ්ඨයන් පක්ෂය සමඟ සිටින අතර මහින්ද සමඟ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිසිවකුත් එක්වී නැහැ” යැයි ද පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


