බොරු චෝදනා එල්ල කරමින් අසාධාරණ ලෙස කටයුතු කරන වත්මන් ආණ්ඩුවේ දේශපාලඥයන්ට සහ ඔවුන්ට අනුබල දෙන නිලධාරීන්ට මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් නිර්මාණය කරන ආණ්ඩුවක් යටතේ කිසිදු සමාවක් නොදෙන බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
යහපාලනය නමින් බලයට ආ වත්මන් ආණ්ඩුවේ මර්දනකාරී හස්තයට හසුව ඇති විමල් වීරවංශ නිදහස් කරනතුරු ඒකාබද්ධ විපක්ෂය දිවිහිමියෙන් සටන් වදින බවත්, විමල් වීරවංශ නිදහස් කිරීම කල් යන්නට යන්නට යහපාලන ආණ්ඩුවේ ආයුෂ කෙටි වන බවත්ඒ මහතා සඳහන් කළේය. ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිංහල එකමුතුවේ වාර්ෂික මහා සභා රැස්වීමට සහභාගි වෙමින් ඔහු මේ බව පැවැසීය.