තංගල්ල ධීවර වරායෙන් ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය යාත්‍රාවක සිටී ධීවරයෙකුට ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ (20දා) කඩිනමින් ගොඩබිමට ගෙන්වා වෛද්‍ය ප්‍රතිකාර ලබාදුන් බව නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.
මෙසේ රෝගී වී ඇත්තේ විසල් පුතා නමැති බහුදින ධීවර යාත්‍රාවෙන් මුහුදු ගිය ධීවරයෙකු බව නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සිදුකළ දැනුම්දීමකට අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වෙමින් රෝගී ධීවරයා කඩිනමින් ගාල්ල දක්ෂිණ නාවික හමුදා මූලස්ථානයට ගෙනැවිත් කරාපිටිය රෝහලවෙත ඇතුළත් කළ බවද නාවික හමුදා මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.