අසාත්මිකතාවක් හේතුවෙන් සිසු සිසුවියන් 31 මීරිගම රෝහලට
මීරිගම බණ්ඩාරනායක මහා විද්‍යාලයේ පස්වැනි පන්තියේ ඉගෙනුම ලබන සිසු පිරිසක් අද (17දා) උදෑසන පන්ති කාමරයේදී හදිසියේම අසාත්මිකතාවකට ලක්වීමෙන් සිසු සිසුවියන් 31 දෙනෙකු මීරිගම රෝහලට ඇතුළත් කළ බව මීරිගම පොලීසිය පවසයි.
උදෑසන මෙම දරුවන්ගේ පන්ති කටයුතු ආරම්භවී ඇති අතර උදෑසන අටට පමණ දරුවන් උදේ ආහාරය ගැනීමෙන් පැයකට පමණ පසුව මෙම දරුවන් පිරිස කැසිල්ල හා පලූ දැමීමට ලක්වීම නිසා රෝහල් ගත කර තිබේ.
තවත් දස දෙනෙකු ඊයේ සවස් වනවිටත් හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අතර, සිසුන් දෙදෙනෙකු මූලික ප්‍රතිකාර ලබා පිටව ගිය බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
මෙම පන්තයේ සිසුන් අට දෙනෙකු මෙම අසාත්මිකතාවට ගොදුරුවී නොමැති බව විදුහලේ ප්‍රකාශකයෙක් කීය.
මෙම සිසුන් උදේ ආහාරය සඳහා ඉඳිආප්ප, තෝසේ, ඇතුළු විවිධ ආහාර ගෙන ඇති බවත් මෙම අසාත්මිතාවයට එම ආහාර හේතුවී ඇති බව අනාවරණය නොවු බවත් මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය. අසාත්මිකතාවයට ලක්වූ සිසුන් සියලූ දෙනාම භෝජනාගාරයෙන් අත් සෝදා ගෙන ඇති සිසු සිසුවියන් බව හෙළිවී ඇති අතර මෙයට හේතුව ජලයේ කිසියම් වරදක්දැයි සැකයක් මතුව ඇතත් ජලය භාවිතා කළ සෙසු සිසුන් කිසිවෙකුට හානියක් වී නොමැති බවද එම නිලධාරිහු හෙලි කළහ.
මෙම සිදුවීමට හේතුව සුළගින් ආ කිසියම් දෙයක් තැවරීම විය හැකියැයිද සැකයක් ඇති බව සෞඛ්‍ය නිලධාරීහු පවසති. සිසුන්ගේ තත්ත්වය එතරම් බරපතල නොවන බවත් අවශ්‍ය ප්‍රතිකාර නොඅඩුව සිදුකෙරන බවත් රෝහල් බලධාරීහු පැවසූහ.
මෙම අසාත්මිකතාවට හේතුව අනාවරණය කරගැනීම සඳහා මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී දිමුතු කරුණාරත්න මහතාගේ මෙහෙයවීම මත මීරිගම මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.සී. රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් හා මීරිගම පොලීසිය මගින්ද පරීක්ෂණ පවත්වයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

