මුතියංගන රජමහා විහාරාධිපති රාජකීය පණ්ඩිත වරකාගොඩ ඥාණරතන අනු නාහිමියෝ අස්ගිරි පාර්ශ්වයේ 22 වැනි මහ නායක හිමි ලෙස අද (07දා) පත්වූහ. ගලගම අත්ථදස්සී මහ නාහිමියන් අපවත්වීමෙන් පසුව අස්ගිරි මහ නායක හිමි පදවිය පුරප්පාඩු විය. උන්වහන්සේ සමග මහ නායක ධුරය සඳහා පොලොන්නරුව සොලොස්සම්ථානාධිපති පූජ්්ය වෙඩේරුවේ උපාලි නාහිමියෝ ඉදිරිපත්වූහ.