වර්තමාන පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ හැසිරීම නිසා අසභ්‍ය වචන ඉගෙන ගන්න හොඳම තැන පාර්ලිමේන්තුව බවට පත්ව තිබෙන බව විශ්වවිද්‍යාල ආචාර්යවරු සඳහන් කරති.
පොදු ඒකාබද්ධ විපක්ෂයයි කියා ගන්නා කණ්ඩායම් හැසිරෙන ආකාරය ඉතාමත් අවිනීත බවත්, මේ නිසා ප්රජාතන්ත්රවාදයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බවද මහාචාර්ය එම්ඕ.ඒ ද සොයිසා මහතා අද (14දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.