සිංහල, අලුත් අවුරුදු සමයේ බීමතින් රිය පදවා අත්අඩංගුවට පත්වන පුද්ගලයින්ගේ රියදුරු බලපත්‍රය නැවත ලබා නොදෙන බවත් අද සිට මෙය ක්‍රියාත්මක බවත් රථවාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති අමරසිරි සේනාරත්න මහතා පැවසීය.
මීට පෙර බීමත්ව රිය පදවා අත්අඩංගුවට පත්වූ රියැදුරන්ගේ රියැදුරු බලපත්‍රය ලබාගෙන නැවත තාවකාලික බලපත්‍රයක් ලබා දීමට කටයුතු කළ බවත් එහෙත් අද සිට එම තාවකාලික බලපත්‍රය ලබා නොදීමට තීරණය කර ඇති බවද හෙතෙම කීය.