සූරියවැව පොලිස් ක්රීඩාංගණයේ පැවති අවුරුදු උත්සවයේ මැරතන් තරගය සඳහා ඉදිරිපත් වූ වන්නියවත්ත දවුල්කාරගේ රංජිත් නමැති 37 හැවිරිදි තිදෙරු පියෙකු මරණයට පත්විය.
මැරතන් තරගය ආරම්භ කර කි.මී. 1 ½ ක පමණ දුරක් දිවීමේදී එක්වරම පපුවේ වේදනාවක් ඇතිවී මාර්ගයේ ඇද වැටී ඇත. පසුව ඔහු සූරියවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියේය. සූරියවැව ප්රාදේශීය සභාව හා ප්රාදේශීය ලේකම් කාර්යාලයට එක්ව මෙම අවුරුදු උත්සවය සංවිධානය කර තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.
සූරියවැව නුවණ් ජයසේකර