අවුරුදු කාලසීමාව තුළදී රිදියගම සෆාරි උද්‍යානය රුපියල් මිලියනයකට අධික ආදායමක් උපයාගැනීමට සමත්ව තිබේ.
පසුගිය 15,16 සහ 17 යන දිනයන්හිදී සෆාරි උද්‍යානය වෙත සංචාරකයන් 26,161 දෙනෙකු පැමිණ ඇති අතර ඒ හරහා රුපියල් 1,274,000 ක මුදලක් උපයාගැනීමට සමත්ව ඇත.
රිදියගම සෆාරි උද්‍යානය විවෘත කර මාසයක් වැනි කාලයක් ඇතුළත වාර්තාගත ආදායමක් පිහිටුවීමට ලැබීමට හරහා එම උද්‍යානය තුළ සංචාරක පහසුව සඳහා නව වැඩපිළිවෙළ රැසක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව තිරසාර සංවර්ධන හා වනජීවී අමාත්‍යාංශය පැවසීය.
රිදියගම සෆාරි උද්‍යානය ඉදිකිරීම සඳහා වසර අටක් වැනි කාලයක් ගත වූ අතර, ඒ සඳහා රුපියල් බිලියන 15 ක මුදලක් වැය වී තිබේ.