සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අද (06දා) පෙරවරුවේදී බාර දුන්නේය.
අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම, ගිනි දැල්වීම, ආහාර අනුභවය, රැකී රක්ෂා සඳහා පිටත්ව යාම ආදී කරුණු නැකත් සීට්ටුවට ඇතුළත් වෙයි.
මෙම අවස්ථාව වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය එස්.බී. නාවින්න මහතාද එක්විය.