තවත් වසර දෙකකින් රත්නපුරයේ සිට කොළඹට පැමිණිය හැකි බවත් අවිස්වෙල්ලේ සිට රත්නපුරයට දුම්රිය මාර්ගය පැමිණෙන බවත් ජනපති මහින්ද රාජපක්ෂ මහතා රත්නපුරයේදී පැවැසීය.
රත්නපුර පැවැති සන්ධානයේ රැළිය අමතමින් හෙතෙම මෙම අදහස් අද (22දා) ප්රකාශ කළේය.
"රත්නපුරයට වැඩියෙන් යටිතල පහසුකම් දීලා තියෙනවා. දැන් කොළඹ යන්න පැය කීයක් යනවද? මීට පස්සේ අවුරුදු දෙකකින් යන්නේ පැය භාගයයි. ඒ විතරක් නෙමෙයි කෝච්චියත් එනවා මෙහාට. ඒක පුළුවන්නම් මම උඩවලවටම යවනවා. අපි දැන් වැඩ පටන්ගන්න හදන්නේ. විපක්ෂයේ අපෙක්ෂකයත් ලැයිස්තුවක් දීලා තියෙනවා. ඒකෙන් කොටසක් මගේ අයවැය කතාව. රත්නපුරේ මැණික් ගැන එක වචනයක් නෑ. එයාලා මේවා විකුණන්නයි යන්නේ." යැයි වැඩිදුරටත් පැවැසීය.