දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග පාලනය කිරීමට නම් මෙවර අලුත් අවුරුදු උත්සව සමයේ ආහාර මේසයට පළතුරු එක්කර ගැනීම වැදගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
වෛද්‍ය පාලිත මහීපාල මහතා මේ බව සඳහන් කළේ, අද (08) සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
අලුත් අවුරුද්දේ ආහාර මේසයට අවධානයට ලක් කිරීම ඉතාම වැදගත්.අවුරුදු උත්සවයේ සම්ප්‍රදායන් සංස්කෘතික අගයන් ආරක්ෂා කර ගන්නා අතරේ සිනි අවම ආහර සකස් කරගැනීම වැදගත් බවද වෛද්‍ය පාලිත මහීපාල මහතා පෙන්වා දුන්නේ ය.
දියවැඩියා රෝගය නිසා වසරකට මිලියන 1.5ක් මිය යන බව කී වෛද්‍ය පාලිත මහීපාල මහතා නාගරික පරිසරයේ සියයට 20%ක දියවැඩියා රෝගයේ මට්ටම පවතින බවත් එළවළු හා පළතුරු පරිබෝජනය අඩුවීම බෝ නොවන රෝග වැඩිවීමට ප්‍රධාන හේතුව බවත් වෛද්‍ය පාලිත මහීපාල මහතා පෙන්වා දුන්නේ ය.