ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය අවසන් වන දිනය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇත්තේ ඒ මහතා දෙවන වරටත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන නිසා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (10දා) පැවසීය.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිධුරය වසර පහකට සීම කිරීම මෛත්‍රීපාල සිරිසේන මහතාට බලනොපාන බවද ඇමතිවරයා සඳහන් කළේය.
“එතුමා ලෑස්ති වුණේ 2020 ජනාධීපතිවරණයට යෑමට. නමුත් පසුගිය දිනක එතුමාට දන්වලා තියෙනවා කාලය අවසන් වෙන්නේ 2021දී කියලා.ඒ අනුව එතුමා සාමාන්‍ය විදියට සුප්‍රිම් උසාවියට යවලා ප්‍රසිද්ධ කරල කරුණු විභාග කරලා මේ පිළිබඳව තීන්දුවක් ගන්න.
19 වැනි ව්‍යවස්ථාව අනුව ජනාධිපතිධුර කාලය අවුරුදු පහකට අඩුවෙලා තියෙනවා. එතනදී ගණන් ගන්නේ 2015 සිට 2020 දක්වා කාලය.ඒක වත්මන් ජනාධිපතිවරයාට බලපාන්නේ නැහැ කියන මතයේ මම ඉන්නේ. ඒක තමයි අන්තිමට එන නීතීය .නීතියක් කියන එක පිටුපසට එන්නෑ.ඒක තමයි එතුමා අහලා තියෙන්නේ."