බේස්ලයින් මාර්ගයේ මවුන්ට් මේරි ප්රදේශයේ පදික මාරුවකින් පාර හරහා ගමන් කරමින් සිටි මවක හා දියණියක මෝටර් රථයක් ගැටී මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ඊයේ (16දා) රාත්රියේදී මෙම අනතුර සිදුව තිබෙන අතර අනතුර සිදුකළ මෝටර් රථය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර අනතුර සිදුවන අවස්ථාවේදී එය පදවා ඇත්තේ වයස අවුරුදු 15ක් වන පිරිමි ළමයෙකු බව පොලීසිය කියයි.