වසර 11 ක් වයස වැඩි කොට සාදන ලද ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් කොරියාවට ගිය ශ්‍රී ලාංකික තරුණයෙකු වසර 12 කට පසු යළි තම සැබෑ ගුවන්ගමන් බලපත භාවිතා කරමින් මෙරටට පැමිණ සිටියදී අද (12දා) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකරුගේ වයස අවුරුදු 31 කි. පසුගිය 2003 වසරේදී ඔහු ව්‍යාපාරික වීසා ලබාගෙන මෙරටින් පිටත්ව ගෝස ඇති බවත් ඒ වන විට ඔහුගේ වයස අවුරදු 19 ක් බවත් කරන ලද විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඉන්පසු ඔහු මේ දක්වා වසර 12 ක්කොරියාවේ නීති විරෝධී ලෙස රැදී සිටිමින් විවිධ රැකියා කිහිපයක් කර තිබේ.