සිය වයස අවුරුදු දහයකින් අඩුකොට සකස් කළ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් භාවිත කරමින් ඉතාලිය බලා යාමට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (24දා) අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකාරිය මීගමුවේ පදිංචි 44 හැවිරිදි කාන්තාවකි. 1971 වර්ෂයේ ඉපදී ඇති ඇය වසර දහයක් අඩුවෙන් තම ගුවන් බලපත සකස් කරගෙන ඇති බව විමර්ශන වලදී අනාවරණය වී ඇත.