සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවට ප්‍රවාහන පහසුකම් සැලසීම යටතේ මේ මස 08 වැනි දින සිට විශේෂ බස් සේවා ආරම්භ කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
මීට අමතරව ජාතික ගමනාගමන කොමිෂන් සභාවට විශේෂ බස් සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය නම් ඒ සඳහාද බස් රථ ලබාදීමට හැකි බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.