ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති රොෂාන් ගුණවර්ධන මහතාගේ අවසාන රාජකාරිය ලෙස ඊයේ (08දා) අලුත් අවුරුදු සමය සඳහා විශේෂ බස්රථ සේවාව කොළඹ බැස්ටියන් මාවත බස් නැවතුම් පොළ තුළින් ආරම්භ කෙරිණි.
අවුරුදු සමය ඉලක්ක කර ගනිමින් මගී ජනතාවට පහසුකම් සැලසීම සඳහා ඊයේ සිට 22 වැනිදා දක්වා දිනකට අතිරේක බස්රථ 1200ක් යොදා ගෙන විශේෂ බස් සේවාවක් ක්රියාත්මක කරන බව සභාපතිවරයා එහිදී පවසා සිටියේය.
ඡායාරූපය ඉසුරු පෙරේරා