අවා කල්ලියේ තවත් ප්‍රබලයෙක් යාපනයේදී අත්අඩංගුවට
- 29 11 2017
- 13:15
- {{hitsCtrl.values.hits}} views
- චානක චන්ද්‍රසේකර
ආවා කල්ලියේ ප්‍රබල සාමාජිකයෙකු බවට සැකකරන පුද්ගලයෙකු ඊයේ (28දා) යාපනය කොකුවිල් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව යාපනය පොලීසිය පවසයි.
එම ප්රදේශයයේම පදිංචි 17 හැවිරිදි තරුණයෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව තිබේ.
සැකකරු සන්තකයේ තිබූ තියුණු අයුධයක්ද පොලීසිය භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු යාපනය කෝපායි හා මනිපායි ප්‍රදේශවලදී පසුගිය දිනයන්හි සිදු කරන ලද පහරදීම් හා මංකොල්ලයන් කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සැකකරුවෙකු බවද යාපනය පොලීසිය වැඩිදුරටත් පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

