පසුගිය කාලයේ යාපනය අර්ධද්වීපය තුළ කඩු කිනිසි භාවිත කරමින් විවිධ අපරාධ කටයුතුවල නිරත වූ කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙකු යාපනය කොට්ඨාසයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (20දා) කොළඹ, කොටහේන ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි.
මෙම සැකකරුවන්ගෙන් කරන ලද ප්රශ්න කිරීම්වලදී අපරාධ කටයුතු සඳහා යොදාගත් ජීව අත්බෝම්බයක්, කඩු තුනක් හා කෙටේරියක් සොයාගත් බව පොලීසිය පවසයි.
සැකකරුවන් අද (21දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.