තෝරාගත් විශේෂ අවස්ථා දෙකකදී ගර්භිණී බව නිම කිරීමට නීතියෙන් අවසර ඉල්ලා මෙරට වෛද්‍යවරුන් විසින් කරන ලද ඉල්ලීම අනුව නීතිපති දෙපාර්තමේන්තුවෙන් සකසන ලද පත්‍රිකාව අධිකරණ හා සෞඛ්‍ය අමාත්‍යවරුන් විසින් ඒකාබද්ධ යෝජනාවක් ලෙස කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
එයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බවත් පසුව පාර්ලිමේන්තුවේ නීතියක් ලෙස සම්මත කර ක්‍රියාත්මක කිරීමට නියමිත බවත්, ශ්‍රී ලංකා පරා ජන්මීය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති කපිල ජයරත්න මහතා පැවැසීය.
මේ අනුව ලිංගික අතවරයකට මුහුණදී සිදුවන ගැබ් ගැනීමක් හෝ මාරාන්තික උපත් අබාධ සහිත දරුගැබක් නිමකිරීමට නීතියෙන් අවසරය ලැබෙනු ඇති බව හෙතෙම පැවසීය.
මේ සඳහා විශේෂ ක්‍රමවේදයක් පනත් කෙටුම්පතට ඇතුළත් කර ඇති බවත්, ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ නිර්දේශ ඇතිව රජයේ රෝහලකදී පමණක් ගැබිනි බව අවසන් කළ හැකි අතර, අතවරයකිදී සිදුවන ගැබ් ගැනීම් නිමකිරීම සඳහා නීතියෙන් අවසරය අවශ්‍ය බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.