තමන්ට අවශය තරම් නින්දා කළත් සිය ඡන්ද දායකයින්ට අපහාස නොකරන ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කීවේය.
අද (01දා) කොරතොට පුරාණ පත්තිනි දේවාලයේ බෝධිය වටා ඉදිකළ රන්වැට විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් දැක්වීය.
"මට අපහාස කරන්න. කරුණාකරලා මගේ ඡන්ද දායකයන්ටනම් අපහාස කරන්න එපා. අද පොලීසිය ගෙදරකට පැනලා මගේ බඩු තියෙනවද කියලා බලන්න. මගේ බඩු මගේ ගාවනේ තියෙන්නේ. මේ කට්ටිය ඇවිල්ලා පරීක්ෂා කරලා යනකම් බලාගෙන හිටියා. ඒවට අයිතියක් තියෙනවා. නමුත් මේ වගේ නින්දිත විදියට කරන දේ ගැනනම් කණගාටුවක් තියෙනවා.
පරීක්ෂා කරන්න ඕන අපි නෙමෙයි. මේ රට ඒකීය රටක් කරලා ආරක්ෂාව ඉතාම හොඳින් තමයි මම අට වෙනිදා උදෙන්ම බාර දුන්නේ. නමුත් ඒ ජාතික ආරක්ෂවට තර්ජනයක් වෙලා තියෙන වෙලාවක ඒ ආරක්ෂාව තරකර ගන්න, රැකගන්න කියලා ජනතාවගේ නාමයෙන් මම මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා"යැයි ඔහු සඳහන් කළේය.
.jpg)
.jpg)