නුවරඑළිය හැටන් ප්රධාන මාර්ගයේ නානුඔය බංගලා 7 ප්රදේශයේ පස් කඳු කඩාවැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමනයට නිතර නිතර බාධා පැමිණීම හේතුවෙන් එම මාර්ගයේ කඩාවැටීමේ අවදානමකට ලක්වී ඇති පස් කඳු ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.
මාර්ගයේ සිදුවන ප්රතිසංස්කරණ කටයුතුවලට සමගාමීව පැය 24 පුරාම පස් ඉවත් කිරීමට බැකෝ යන්ත්ර සහ සේවකයන් යොදවා ඇති බව නුවරඑළිය දිස්ත්රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා පැවැසීය. එසේම හැටන් - නුවරඑළිය ප්රධාන මාර්ගයේ ප්රතිසංස්කරණ කටයුතු 90% ක් පමණ අවසන් වී තිබෙන බවද හෙතෙම වැඩිදුරටත් පැවැසීය.