කෑගල්ල දිස්ත්‍රික්කයේ පසුගියදා සිදුවූ නායයාමෙන් අවතැන්වූවන්ට ඉඩම් ලබාදීම සහ නිවාස ඉදිකරදීම වෙනුවෙන් වූ ක්‍රමවේදයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවසන් අනුමැතිය ලබාදී තිබේ.
ආපදාවට ලක්වූ කෑගල්ල දිස්ත්‍රික්කයේ ජනතාව නැවත පදිංචි කිරීම පිලිබඳ විශේෂ සාකච්ඡාවක් අද (03) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වු අතර එහිදී මෙම තීරණ ගෙන ඇත.
එම ජනතාව නැවත පදිංචි කරවීම සඳහා සුදුසු ඉඩම් සහ අවශ්‍ය ප්‍රමාණයන් මේ වන විට හඳුනාගෙන තිබෙන අතර රජයට සහ පෞද්ගලික වැවිලි සමාගම්වලට අයත් ඉඩම් මෙලෙස හඳුනාගෙන තිබේ.
එම ඉඩම් නිදහස් කර ගැනීම පිලිබඳ වැවිලි සමාගම්වල එකඟතාවය ලබා ගැනීම ද මෙම සාකච්ඡාවේදී සිදු කෙරිණි.