අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්වූ සහ අවතැන් වූ ජනතාවට අවශ්‍ය පිසූ ආහාර සහ වියළි ආහාර ලබාදෙන ලෙසට අදාළ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබාදුන් බව ආපදා කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගන්කන්ද මහතා සඳහන් කළේය.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දේපළ හා නිවාස අහිමිවීම හා නිවාසවලට දේපළවලට සිදුව තිබෙන හානි පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙසටද ප්‍රාදේශීය ලේකම්වරුන්ට හා ආපදා කළමනාකරණ දිස්ත්‍රික් මධ්‍යස්ථාන නිලධාරීන්ට දැනුම් දුන් බවද හෙතෙම පවසා සිටියේය.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 07 ක පවුල් 6300 කට අයත් පුද්ගලයන් 20,000 කට වැඩි පිරිසක් පීඩාවට පත්ව තිබෙන බවත්, උතුරු නැගෙනහිර ප්‍ර‘දේශවල කඳවුරු 18 ක පවුල් 965 කට අයත් පුද්ගලයන් 2675 ක් රඳවා සිටින බවත් ඒ මහතා සඳහන් කළේය.